නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් හත් දෙනෙකු ජෝර්දාන හමුදාව විසින් ඊයේ ( 16 ) අත්අඩංගුවට ගෙන තිබේ.

The Arab News පුවත්පතට අනුව, ඊයේ උදෑසන ජෝර්දානය ශ්‍රී ලාංකිකයින් හත් දෙනෙකු නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට ඇතුළු වීමට ගත් උත්සාහය ව්‍යර්ථ කළ බව ජෝර්දාන හමුදාව සිය වෙබ් අඩවියේ නිවේදනය කර ඇත.

එහි සාමාන්‍ය විධානයේ මූලාශ්‍රයක් උපුටා දක්වමින් හමුදාව පැවසුවේ හත්දෙනා දේශසීමා හමුදා විසින් අත්අඩංගුවට ගෙන අදාළ බලධාරීන්ට භාර දුන් බවය.

දේශසීමා සහ ජාතික ආරක්‍ෂාව ආරක්‍ෂා කිරීම සඳහා සන්නද්ධ හමුදාවන් ඇතුළුවීම හෝ ජාවාරම් කිරීමේ උත්සාහයන් සම්බන්ධයෙන් දැඩිව කටයුතු කරන බව එම මූලාශ්‍රය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ජෝර්දාන-ඊශ්‍රායල් දේශසීමාවේ පසුගිය වසරවල අප්‍රිකාව, ආසියාව සහ තුර්කිය යන රටවලින් ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීමට පැමිණෙන පිරිස් අනවසරයෙන් ඇතුළු වූ අවස්ථා වාර්තා විය.

ඊශ්‍රායල බලධාරීන්ට අනුව, පසුගිය වසරේ ජෝර්දානයෙන් නීතිවිරෝධී ලෙස පුද්ගලයින පෑ දෙනෙක සහ 2023 පළම කාර්තවේදී 23 දෙනෙක එසේ පැමිණ ඇත.