ගාසා තීරයේ යුද්ධය හේතුවෙන් පලස්තීනයේ ළමුන් 21,000ක් අතුරුදන්ව ඇති බව සේව් ද චිල්ඩ්‍රන් සංවිධානය පළකළ වාර්තාව​කින් අනාවරණ වී තිබෙනවා

ඉන් ළමයින් 4,000ක් මියගොස් ඇති බවත් දරුවන්ගේ මළසිරුරු කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී ඇති බවත් එම සංවිධානය පවසයි

කෙසේ නමුත්   යුද්ධය අතරතුර අතරමං වූ දරුවන්ට යළි දෙමාපියන් මුණුගැස්සවීමට හැකි සෑම උත්සාහයක්ම ගත යුතු බව සේව් ද චිල්ඩ්‍රන් සංවිධානය පෙන්වා දෙන අතර  උග්‍ර වන ගැටුම් හේතුවෙන් මෙම තත්ත්වය අසීරු වී ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායල හමුදාව අත්අඩංගුවට ගෙන සිරගත කළ දරුවන්ද සැලකිය යුතු සංඛ්‍යාවක් ඇති අතර ගැටුම්වලින් ඊශ්‍රායල ළමයින් ද 33 දෙනෙක් මියගොස් තිබෙන බවටද සේව් ද චිල්ඩ්‍රන් වාර්තාවේ දැක්වේ

එමෙන්ම හමාස් සංවිධානය ඔක්තෝබර් 7 සිදුකළ පැහැරගැනීම​ට ලක්වූ තවත් ඊශ්‍රායල ළමයින් පිරිසක් ගාසා තීරයේ සිටින බවත් එහි වැඩිදුරටත් දැක්වේ.