ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ජාතියේ වර්ධනයට සහ අනාගතයට ගැළපෙන අයුරින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල්වික්‍රමසිංහ පෙන්වා දී ඇත.

ඒ අනුව මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් හා විවෘත මනසකින් යුත් සාකච්ඡා තුළින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සම්මුතියක් අවශ්‍ය බව අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

විපක්ෂය රජය ගනු ලබන සෑම තීරණයකටම විරුද්ධ වීමේ සාම්ප්‍රදායික මතයෙන් බැහැරවිය යුතු බවත් තීරණ ගැනීමේදී විපක්ෂ අදහස් සලකා බැලීමට, වඩාත් සමබර සහ සහයෝගී දේශපාලන පරිසරයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා පවසා ඇත.

පළාත් සභා සම්බන්ධයෙන් නව නීති පිහිටුවා ගැනීමෙන් අනතුරුව පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනය කිරීමට සූදානම් බවත් පළාත් සභා ක්‍රියාත්මක වන තෙක් පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදීමට උපදෙස් කමිටුවක් පත්කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.