අම්පාර ප්‍රදේශයේ හවුල්කාර සංවිධානයක් විසින් ජාතික සාම මණ්ඩලයේ ව්‍යාපෘතියක හවුල්කාරිත්වයෙන් ඉවත් කිරීම පිළිබඳ තොරතුරු විමසා RTI අයදුම් පත්‍රයක් ජාතික සාම මණ්ඩලය වෙත එවා ඇත. ඔවුන් පවසන්නේ මෙම ඉවත් කිරීම නිර්නායක මත සිදු නොවූ බවත් එය අසාධාරණ ක්‍රියාවක් බවත්ය. මේ ආකාරයෙන් වර්තමානය වන විට රට තුලින් ජාතික සාම මණ්ඩලයට විරෝධතා ඉදිරිපත් වෙමින් තිබේ. 

සැබැවින්ම සාම ම​ණ්ඩලය යනු කුමක්ද? සහ එහි කාර්යයභාර්ය පිළි​බද මෙ​සේ විමසා බලමු . 

සිවිල් සමාජය දියාරු වී යාමට සමහර සිවිල් සමාජ සංවිධානය යැයි කියාගන්නා සමහර රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියා කලාපය ද හේතු වී ඇත. රටට සැබැවින් ම අවශ්‍යවන්නේ සවිඥානික හා ශක්තිමත් පුරවැසියන් කණ්ඩායමක් ගොඩනගන්නට හා යහපත් සමාජයක්, යහපත් රටක් ගොඩනගන්නට අවංකවම දායක වන සිවිල් සමාජ සංවිධානයන් හා නායකයින් ය. ජනතාව මෙන්ම දෙවන තලයේ සංවිධාන ශක්තිමත් කරන මුවාවෙන්, ආණ්ඩුවට බලපෑම් කරන මුවාවෙන් සමාජය රවටමින් තම පවුල නඩත්තු කරන්නට උත්සාහ කරන ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය වැනි ඊනියා සිවිල් සමාජ සංවිධාන නොවේ.  

එක් කළෙක රාජපක්ෂ රෙජිමයෙහි ඒකාධිපති පාලනය දැඩි ලෙස විවේචකය කරමින් නිසි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කළ යුතු යැයි හඩනැ​ගූ ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයෙහි විධායක අධ්‍යක්ෂ ජෙහාන් පෙරේරා මහතා වසර ගණනාවක් තිස්සේ ආයතනනයෙහි සියලු පාලන කටයුතු සිදු කරන්නට ඉඩ දී ඇත්තේ තම බිරිඳටය. ඇයට ඒ සඳහා මග පාදා දී ඇත්තේ ඇය ආයතනයේ වැඩසටහන් උපදේශීකාව බවටපත් කිරීමෙනි. ආයතනයට අධ්‍යක්ෂ මණ්ඩලයක් සිටියත් ඇයගේ සෑම යෝජනාවකටම හෝ අදහසකටම ඔවුන් කියන්නේ ‘Yes’ කියා පමණි. එම යෝජනා හෝ අදහස් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමුවන්නේ ‍නාමික විධායක අධ්‍යක්ෂ වී සිටින ජෙහාන් පෙරේරා මහතා මගිනි. එම අධ්‍යක්ෂ මණ්ඩලය තුළ ද වසර 25 කට අධික දිර්ඝ කායක් තිස්සේ සිටින්නේ එකම කණ්ඩායමකි. එයින් වැඩි දෙනෙකු අධ්‍යක්ෂ මණ්ඩලයේ කිසිදු විරෝධතාවයකින් තොරව රැදී සිටින්නේ ලැබෙන විවිධ මූල්‍යම හා අනිකුත් වරප්‍රසාධ නිසාය. ආයතනයෙහි පරිපාලන කටයුතු හෝ වැඩසටහන් කෙසේ වුවත් ඔවුන්ට කම් නැත.  

ආණ්ඩුව යම් ආකාරයකින් ප්‍ර​ජාතන්ත්‍ර විරෝධි හෝ ව්‍යවස්ථානුකූල නොවූ ලෙස කටයුතු කරන්නේ නම් පුරවැසියන් විසින් හා සිවිල් සංවිධාන විසින් එය ප්‍රශ්න කළ යුතු යැයි බණ දේශනා කරන මෙම විධායක අධ්‍යක්ෂ​කවරයා ආයතනයේ සේවය කරන හෝ ඉවත්ව ගිය සේවකයින් විසින් ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ සමහර ක්‍රියාවන් පිළිබඳව ප්‍රශ්න කරන විට ඔවුන්ව සෘජුව හෝ වක්‍රව බියවැද්දීමට කටයුතු කරයි. ප්‍රශ්න කළේ සේවයේ සිටින කෙනෙක්නම් ඔහුට හෝ ඇයට රැකියාව එපා වීමට හෝ රැකියාවෙන් අස්වී යන්නට තීරණයක් ගන්නට තරම් පෙළඹවීමක් ඇති කරන පරිසරයක් නිර්මාණය කරයි. එසේ ප්‍රශ්න කළේ රැකියාවෙන් ඉවත්​ව ගිය සේවකයෙක් නම් ඔහුව වෙනත් ආයතනවල සේවයට හෝ එම ආයතනවල කටයුතුවලට සම්බන්ධකර නොගන්නා ලෙස ද වෙනත් ආයතනයක සේවයට බැඳුනු කෙනෙක් නම් ඔහුව එම සේවයෙන් ඉවත් කරන ලෙස මෙම විධායක අධ්‍යක්ෂ​කවරයා විසින් එම ආයතන ප්‍රධානීන්ට දුරකථයෙන් කතා කොට හෝ හමුවී ප්‍රකාශ කරන්නේය. “අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස” භුක්ති විඳීමට මේ රටේ මිනිස්සුන්ට අයිතියක් තිබිය යුතුයැයි ද ආණ්ඩුවේ වැරදි ක්‍රියාවක් හෝ ප්‍රකා​ශයක් පිළිබඳව ප්‍රශ්න කිරීමට පුරවැ​සියාට පුළුවන් විය යුතු යැ​යිද විවිධ රාජ්‍ය ආයතනවල කටයුතු වලට දේශපාලනඥයින් විසින් අනිසි බලපෑම් නොකළ යුතු යැයි ද විවිධාකාරයෙන් දේශනා පවත්වන ලිපි ලියන මෙම විධායක අධ්‍යක්ෂවරයා තම සංවිධානයේ අකටයුතුකම් ගැන ප්‍රශ්න කරන විට ඉහත ආකාරයෙන් ‘අනිසි බලපෑම් කරන තවත් දේශපාලනඥයෙක්” බවට පත්වන්නේ කෙසේ ද? මෑතදී ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේන අස්වී ගිය සමන් සෙනෙවිරත්න මහතා සම්බන්ධයෙන් එවැනි ක්‍රියා කලාපයක් මෙම විධායක අධ්‍යක්ෂවරයා විසින් අනුගමනය කරන්නේය. ජනතාවට සහ ආණ්ඩවට හරි මග පෙන්නා දීමට කටයුතු කරන සිවිල් සමාජ සංවිධානයකට එසේ කළ හැකි ද? එසේම ශ්‍රී ලංකා ජාතික සාම මණ්ලයේ සභාපති විසින් ආයතනයෙන් අස්වී ගිය සේව​කයෙකු නොකළ වරදක් කළේ යැයි කියමින් රට පුරා විවිධ සංවිධාන වලට හා ක්‍රියාකාරීන්ට ලිපි යවා ඇත්තේ කවර ආකාරයේ චර්යා ධර්මවලට අනුකූලව ද?  

වෛරී කථනයෙන්’ හා වෙනස්කොට සැලකීමෙන්’ බැහැරවන ලෙස ජනතාවට හා ආණ්ඩුවට බල කරන මේ විධායක අධ්‍යක්ෂවරයා තම ආයතනය ත්‍රළ සමහර සේවකයින්ට වෙනස්කොට සලකන්නේ ය. එ අයව අපහසුවට පත්කරවීමට වෙනත් සේවකයින් ලවා විවිධ ප්‍රකාශ සිදු කරන්නේය.  මහජන සම්පත් අවභාවිතා කරන්නේ යැයි දේශපාලනඥයින්ට ඇඟිල්ල දික්කරන මේ විධායක අධ්‍යක්ෂවරයා හා ඔහුගේ බිරිඳ තමන්ට සහ තමන්ගේ හිතවතුන්ට වෙනත් රටවල ජනතාව‍ගේ මුදලින් අසීමිත සැප ලබන්නට පහසුකම් සලසාගන්නේය. සමහර ජනතාවගේ අයිතිවාසිකම් ආණ්ඩුව විසින් උදුරා නොගත යුතු යැයි කියන මේ විධායක අධ්‍යක්ෂ ජෙහාන් පෙරේරා තම සේවකයින්ගේ පාරිතෝෂික අයිතියද කප්පාදු කරමින් කටයුතු කරන ආයතන ප්‍රධානියෙකි. සුළු ජන කණ්ඩායම් වල ප්‍රශ්න තේරුම්ගන්නට මහජාතියට හා මහා සංඝරත්නයට සුළු ජන කණ්ඩායම්වල සපත්තුවට බැසිය යුතු යැයි බණ කියන මොහු, මොහුගේ බිරිඳ වන සුමදු වීරවර්ණ පෙරේරා මහත්මිය මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලය ද තම ආයතනයේ සමහර සේවකයින්ගේ දුක් ගැනිවිලි තුට්ටුවකට මායිම් කරන්නේ නැත 

අවසාන වශයෙන් ඇසිය යුතු පැනය වන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ තමන්ගේ බලයට හෝ ජනප්‍රියත්වයට අභියෝගයක් විය හැකි සංවිධාන සමාජිකයින් හෝ සේවකයි හෝ ඉවත්කරන්නට කටයුතු කළ, වේලාව අවේලාව නොබලා වැඩ කරන සේවකයින්ගේ මහන්සියේ ප්‍රතිඵලවලින් ලකුණු සහ ඒ මගින් මහත් වරප්‍රසාද ලබාගන්නා ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂවරයා සිවිල් සමාජ නායකයෙක් වන්නේ කෙසේ ද ? කියා ය. එවැනි සංවිධානයක් සිවිල් සමාජ සංවිධානයක් වන්නේ කෙසේ ද ? කියාය.   

‘සිවිල් සමාජය’ යනුවෙන් සාමාන්‍යයෙන් වර්තමානයේදී අදහස් කරනුයේ රජයේ පාලනය කිරීමකින් තොරව රජයට පරිභාහිරව පුරවැසි ක්‍රියාකාරීත්වයක් සහිත අවකාශයක් ය. එහිදී පුරවැසියන්ට ස්වාධිනව කටයුතු කළ හැකිය යන්න එක් මතයකි. ඒ, තමන්ගේ හෝ අන් අයගේ සංස්කෘතික, දේශපාලනික, සමාජයීය හා ආර්ථික අයිතිවාසිකම් දිනාගැනීමට, ඒ වෙනුවෙන් හ‌ඬ නැගීමට හෝ ඒ අයිතිවාසිකම් දිනාගැනීමට ආණ්ඩුවට බලපෑම් කිරීමටය. සමහර පුද්ගලයින් අතර පවතින තවත් එක් අදහස් වන්නේ ඇත්තටම සිවිල් සමාජය කියන්නේ මොකක් ද ඒකෙ ඉන්නෙ කව්ද කියන එකය.  

ඒකට එක් හේතුවක් වන්නේ, සමහර පුද්ගලයින් විසින් එක් පැත්තකින් සිවිල් සමාජය දකින්නේ විවිධ අවස්ථාවල ව්‍යාපෘති හරහා තෝරාගත්තු ප්‍රජා කණ්ඩායම් විවිධ කාරණා ඔස්සේ දැනුවත් කර ඒ කණ්ඩායම් ආණ්ඩුවට ඉල්ලීම් ඉදිරිපත් කිරීමට පොළඹවන හා ආණ්ඩුව විවිධාකාරයෙන් විවේචනය කරන, විවිධාකාරයේ සටන්කාමී වීදි ප්‍රද්ර්ශන ඔස්සේ ආණ්ඩුවට බලපෑම් කරන, ජනමාධ්‍ය ඔස්සේ ව්‍යක්ත ලෙස කරුණු ඉදිරිපත් කරන එක්තරා ආකාරයක වරප්‍රසාදලත් කණ්ඩායමක් ලෙසය. අනික් අතට දේශිය රාජ්‍ය නොවන සංවිධාන ද සිවිල් සමාජයේ ම කොටසක් ලෙස ඒ අය (රා.නො.සං) විසින් හඳුන්වාදීමත් ඔවුන් බොහෝවිට බටහි​ර සංකල්ප දේශීය ඌරුවට බිම එළන්නට  කරන උත්සාහයත්, විශේෂයෙන් ලෝකයේ විවිධ බටහිර රටවලින් මුදල් ආධාර ලබාගෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ඔවුන් “බටහිර යටත් විජිතවාදයේ නියෝජිතයින්” වී සිටීම නිසාත් සිවිල් සමාජය පිළිබඳ සුභවාදී ආකල්පයක් බොහෝ අය තුළ දකින්නට නැත. සමහරවිට මේ නිසාම සමහර පුරවැසි ස්වේච්ඡා සංවිධානවල වටිනාකම ද කෙනෙකුට ‍නොපෙනෙන්ට පුළුවන. 

  ‍