හෙට (29) දින ප්‍රදේශ කිහිපයකට පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

මෙසේ ජල සැපයුම අත්හිටුවනු ලබන්​නේ කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ කොටිකාවත්ත, මුල්ලේරියා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සදහායි

තවද මොරටුව මහ නගර සභා බල ප්‍රදේශය සඳහා අඩු පීඩන තත්ත්ව යටතේ ජලය සපයනු ලබන බව එම මණ්ඩලය පවසනවා.

අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත විදුලි සැපයුම අත්හිටු වීම සහ ඒ හා සමගාමීව සිදු කරන ජල පිරිපහදු පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.