අයහපත් කාලගුණික තත්ත්වය සමග කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට ක්‍රියාත්මක වන ප්‍රධාන ජල නල සැපයුම් මාර්ගයක කොටසක් ගැලවී ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන්  උදෑසන 6 සිට 9 දක්වාත්, සවස 5 සිට රාත්‍රී 9 දක්වාත් ප්‍රදේශ කිහිපයකට අඩු පීඩන තත්ත්වය යටතේ ජල සැපයුම සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටින​වා

ඒ අනු​ව  ගලගෙදර, පාදුක්ක, ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත මත්තෙගොඩ, මහරගම, බොරලැස්ගමුව සහ පැපිලියාන යන ප්‍රදේශවලට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයන බව එම නිවේදනයේ සදහන්

ආරක්ෂක අංශ සහ අනෙකුත් පාර්ශ්වවල සහායෙන් බිඳ වැටී ඇති ප්‍රධාන ජල නළය කඩිනමින් යථාතත්ත්වයට පත්කිරීමට මේ වනවිටත් පියවර ගෙන තිබෙන අතර මේ මොහොතේ අනවශ්‍ය ලෙස ජලය රැස්කර තබානොගෙන ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන හා ජලාපවහන  ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා