සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 05කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය අද ආරම්භ වේ.

ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 8.00ට ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී පළමු විස්සයි විස්ස තරගය ආරම්භවීමට නියමිතය.

මෙම තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ රෝහිට් ශර්මා, විරාට් කෝලි, මොහොමඩ් සිරාජ්, සහ මොහොමඩ් ශාමි විවේද ගන්වා තිබීමද විශේෂත්වයකි. ඒ වෙනුවට තිලක් වර්මා, යසස්වි ජයිස්වාල් සහ මුකේෂ් කුමාර් අද තරගයට ක්‍රීඩා කරන බව ආරංචිමාර්ග සඳහන් කරයි.