‘ශනිදා සීතාවක ඔඩිසි‘ දුම්රිය හෙට (5) සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ බස්නාහිර පළාත තුළ දෙස් විදෙස් සංචාරක ව්‍යාපාරය කිරීමේ අරමුණ ඇතිව මෙය සැලසුම් කර ඇත.

මාස 6කට වැඩි කලක් ඉරිදාවන්හි පමණක් ක්‍රියාත්මක වූ ‘සීතාවක ඔඩිසි‘ සංචාරක දුම්රියෙහි සාර්ථකත්වය මත මෙය සෙනසුරාදාවන්හිද ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය තීරණය කෙරිණි.

ඒ අනුව මෙම වැඩසටහන රාත්‍රියක් ගත කරන (OVER Night Stay) පූර්ණ සංචාරයක් බවට පරිවර්තනය කිරීම මෙලෙස සති අන්තයේ සෙනසුරාදා, ඉරිදා යන දෙදිනම මේ දුම්රිය ක්‍රියාත්මක කිරීමේ අරමුණ වේ.

‘ශනිදා සීතාවක ඔඩිසි’ සංචාරක දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙඅවරු 8.25ට ගමන් ආරම්භ කරන අතර, එය පස්වරු 6.50ට අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් යළි කොළඹ බලා ගමන් කෙරේ.