මිලියන 63කට අධික පරිශීලකයින්ගෙන් යුත් පාකිස්තාන යූටියුබ් නාලිකා 16 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ​කර​යි. අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් මෙම පියවර ගෙන ඇ​ති බව​යි එ​ම මාධ්‍ය වාර්තා කරන්​නේ. කාශ්මීරයේ පෙ‍හෙල්ගම් ප්‍රහාරයෙන් පසු ප්‍රකෝපකාරී හා වාර්ගික අර්බුද උත්සන්න වන ආකාරයේ ප්‍රකාශ සිදුකරන බවට චෝදනා කරමින් අදාළ නාලිකා තහනම් කර ඇති බව සඳහන් වේ.Set featured image කෙසේ නමු​ත් ඉන්දියාව තුල තහනමට ලක්වූ පාකිස්තාන යූ ටියුබ් නාලිකා අතර ප්‍රවෘත්ති නාලිකා මෙන්ම ​ක් කිහිපදෙනෙකුගේ නාලිකා ද ඇතුලත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.