අධිකරණය මඟින් පාස්කු වින්දිතයින්ට ගෙවීමට නියම කළ මිලියන 311ක මුදලින් රුපියල් මිලියන 36,825,000ක මුදලක් හානිපූර්ණ කාර්යාලය වෙත ලැබී ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසා ඇත.

ඒ අනුව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට ගෙවීමට නියෝග කළ රුපියල් මිලියන 100න් රුපියල් මිලියන 15ක මුදලක් තැන්පත් කර ඇති බව අද (14) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මීට අමතරව හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට අධිකරණය මඟින් ගෙවීමට නියම කළ රුපියල් මිලියන 75න් රුපියල් මිලියන 1,725,588ක්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ගෙවීමට නියෝග කළ රුපියල් මිලියන 50න් රුපියල් මිලියන 5ක්, නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට ගෙවීමට නියම කළ රුපියල් මිලියන 75න් රුපියල් මිලියන 4.1ක මුදලක්, පොලිස් නිලධාරී සිසිර මෙන්ඩිස්ට ගෙවීමට නියම කළ රුපියල් මිලියන 10ම ගෙවා ඇති අතර රජයට ගෙවීමට නියම කළ රුපියල් මිලියනය මේ වනවිට තැන්පත් කර ඇත.