පළාත් පාලන ඡන්දය අප්‍රේල් 25 වන දිනට පැවැත්විය නොහැකි බව සඳහන් කරමින් සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

මහා භාණ්ඩාගාරය මුදල් වෙන්කළ පසු හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවේ තීන්දුව ලබා දුන් පසු මැතිවරණය පැවැත්වෙන නව දිනය ප්‍රකාශයට පත් කරන බව එහි සදහන් වේ.

පසුගිය දා රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන ඡන්දය දින නියමයක් නොමැතිව කල් දැමූ අතර ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදන දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන් විසින් මෙලෙස නිකුත් කර ඇත.