අද (03) පෙරවරුවේ පොල්ගොල්ල මහවැලි ජලාශයේ වාන් දොරටු තුනක්  විවෘත කර තිබෙනවා.

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ශාව හමුවේ මෙලෙස පොල්ගොල්ල මහවැලි ජලාශයේ වාන් දොරටු තුන විවෘත කල බවයි වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කරන්නේ.

ඒ අනුව පොල්ගොල්ල වේල්ලේ වාන් දොරටු තුනක් අඩි දෙකයි අඟල් අට බැගින් ඉහළට ඔසවා තිබූ අතර මේ හේතුවෙන් ජලාශය පහළට මහවැලි ගඟට තත්ත්පරයට ඝණ අඩි 6500ක පමණ ජල ප්‍රමාණයක් නිකුත් වෙන බවයි එම කාර්යාලය පවසන්නේ.