නිකවැරටිය, රස්නායකපුර පොලිස් මාර්ග බාධකයකදී සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් ඇත.

පොලීසිය පවසන්නේ බිංගිරිය දෙස සිට රස්නායකපුර දෙසට ධාවන වූ වෑන් රථයක් රියදුරුට පාලන කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ග බාධකයේ ගැටීමෙක් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පොලිස් නිලධාරියෙකු මියගොස් ඇත.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ රස්නායකපුර පොලීසියට අනුයුක්තව සේවය කළ 37 හැවිරිදි කොටවෙහෙර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව සඳහන් වේ.

කෙසේ නමුත් අනතුර සම්බන්ධයෙන් වෑන්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රියදුරු බීමත්ව සිටි බව මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.