ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කො​ළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.

පොහොට්ටුවේ ප්‍රබල සාමාජිකයෙක් වූ ඔහු අද දි​න ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ​මෙලෙස පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා

මේ සම්බන්ධව සිය මුහුණු පොතේ සටහනක් තබමින් කහදග​ම පවසන්නේ පක්ෂ දේශපාලනය, ජාතිවාද හා වර්ණවාද මෙන්ම පාට කණ්නාඩි පසෙකලා ජනාධිපතිවරයා සමග එක්ව මෙරට අනභිබවනීය රාජ්‍යක් බවට පත් කිරීම සඳහා සැවොම එකතු විය යුතු බවයි.