සම සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අපරාජිතව සුපිරි 08 දෙනාගේ වටයට ප්‍රවේශ වීමට අද සමත් වුණා.

ඒ, මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයේ අවසන් තරඟයේදී මෙතෙක් අපරාජිතව සිටි ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 104කින් පරාජය කරමින්.

මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 05ක් දැවී ලකුණු 218ක් රැස් කළ අතර ලකුණු 219ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 02කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූණේ ලකුණු 114ක් පමණයි.

තරඟයේ වීරයා නිකලස් පූරන් .

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ පළමු තරඟය දකුණු අප්‍රිකාව සහ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම අතර හෙට රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.