අද (06) දහවල් තලංගම පොලීසිය විසින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

යෝජිත විදුලි පනතට එරෙහිව විරෝධතා පුවරුවක් රැගෙන පාර්ලිමේන්තුව අසල උපවාසයක නිරතවෙමින් සිටියදී මෙලෙස කස්සප හිමියන්ව අත්අඩංගුවට ගෙන ඇත.

උපවාසය ආරම්භ කර මිනිත්තු 10කට පමණ පසුව තලංගම පොලිස් නිලධාරීන් පැමිණි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.