ඇමරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝර් නගරයේ පැටප්ස්කෝ ගඟ මතින් ඉදිකර තිබූ ෆ්රැන්සිස් ස්කොට් කී පාලමේ කොටස් විනාශ කර දැමීමට කටයුතු කර තිබෙනවා.
පසුගිය මාර්තු මස 26 ශ්රී ලංකාව වෙත එමින් තිබූ ඩාලි බහාලුම් නෞකාව ගැටීමෙන් කඩා වැටුණු පාලමේ ඉතිරි කොටස් කඩා ඉවත් කර දැමීමට පිපිරීමක් සිදුකළ බවත් අනතුරුව එම සුන්බුන් එක්සත් ජනපද හමුදා ඉංජිනේරු බලකාය විසින් ඉවත් කර ඇති බව සඳහන්.
කෙසේ නමුත් පාලම නැවත ගොඩනැගීම සදහා ඩොලර් බිලියන 1.7 සිට ඩොලර් බිලියන 1.9 දක්වා වැය වනු ඇති බව සදහන්
2028 වර්ෂයේදී මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු නිම කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ .