බොලිවියාවේ හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගැනීමට හමුදා ජෙනරාල්වරයෙක් ගත් උත්සාහය අසාර්ථක වී තිබෙනවා

බොලිවියාවේ රජය පෙරලීමේ කුමන්ත්‍රණයේ ප්‍රධානියා ලෙස හඳුනාගත් ජෙනරාල් Juan José Zúñiga ව එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි

ඔහුගේ නායකත්වය යටතේ හමුදා කණ්ඩායමක් ලා පාස් අගනුවර පිහිටි ජනාධිපති මන්දිරයට කඩා වැදුනු අවස්ථාවේදී මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා

කුමන්ත්‍රණයට නායකත්වය දුන් ජෙනරාල්වරයා පවසා තිබුණේ එරට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිව්‍යුහගත කිරීම ඔහුගේ උත්සාහය බවයි.

නමුත් ජනාධිපති ලුයිස් ආසේ පවසා ඇත්තේ සිය රට අස්ථාවර කිරීමට ඉඩ නොදෙන බවයි