දශක පහකට ආසන්න සංගීත දිවිය පුරාවට සිනමා නිර්මාණ 200කට වැඩි ප්‍රමාණයක සංගීත නිර්මාණය කළ ප්‍රවීණ මලයාලම් සංගීතඥ K J Joy ඊයේ (15) අභාවප්‍රාප්ත වී තිබෙනවා. සංගීත අධ්‍යක්ෂවරුන් 500කට අධික ප්‍රමාණයක් සමඟ සහායකයකු ලෙසද සිනමා ක්ෂේත්‍රයේ කටයුතු කර ඇති ඔහු හැඳින්වන්නේ මලයාලම් සිනමාවේ පළමු තාක්ෂණික සංගීතඥයා (techno musician) ලෙසයි.

මිය යන විට 77 වන වියේ පසුවූ සංගීතඥ K J Joy ගේ අඩුව සංගිත ලෝකයටත් මලයාලම් සිනමාවටත් දැරිය නොහැකි වන බව ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කේරළ ප්‍රධාන අමාත්‍ය Pinarayi Vijayan පවසා තිබුණා.