හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතට එරෙහිව ගොනු කර තිබු නඩුවකට අදාළ නඩු තීන්දුව ලබන 30 වැනිදා ලබාදෙන බව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේය.

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27 කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිළදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය යටතේ මෙම නඩුව ගොනු කර තිබේ.

එම නඩුවේ තීන්දුව අද (25) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබු අතර නමුත් මෙම නඩුවේ තීන්දුව ලබන 30 වැනිදා ලබාදීමට කොළඹ මහාධිකරණය නියෝග කරන ලදි.