හිරු TV ආයතනයට සහ එහි සභාපති රේනෝ සිල්වා මහතාට අපහාස වන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් මහේෂි මදුශංකා නැමැති රංගන ශිල්පිනියට එන්තරවාසි භාරදීමට හිරු TV සහා රෙනෝ සිල්වා මහතා වෙනුවෙන් සුදත් පෙරේරා ඇසෝසියේට් නීතිඥ සමාගම කටයුතුකර තිබෙනවා.
හිරු TV ආයතනයේ වැඩසටහනක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පළ කළ වීඩියෝවක් මූලික කරගනිමින් ඇය මෙම අපහාසත්මක යැයි කියන ප්‍රකාශය සිදු කරනු ලැබුවා.
ඒ අනුව හිරු TV හි කීර්ති නාමයට සිදුව ඇති හානිය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් සහ රේනෝ සිල්වා මහතාගේ කීර්ති නාමයට සිදුව ඇති අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන 10ක වන්දි මුදල් ඉල්ලමිනුයි මෙසේ එන්තරවාසි භාර දීමට කටයුතු කර ඇත්තේ.
හිරු මාධ්‍ය ජාලයේ සමාජ මාධ්‍ය ගිණුම් තුළ පළ වූ වීඩියෝවක් හරහා තරුණයෙකු අපහසුතාවට පත් වූ බව ඇය පවසා සිටියා.
එමෙන්ම ඒ හේතුවෙන් ඔහු සිය දිවි නසාගැනීමට පවා හැකි බව පවසමින් මහේෂි මදුශංකා විසින් පළ කළ සමාජ මාධ්‍ය සටහන්වලට බොහෝ ප්‍රතිචාර ලැබී තිබුණා.
එම විරෝධයන්ට ප්‍රතිචාර ලෙස ඇය හිරු මාධ්‍ය ජාලයේ සභාපතිවරයාගේ පුද්ගලික ජීවිතයට අදාළ කරුණු පිළිබඳව මෙලෙස අපහාසාත්මක යැයි සඳහන් ප්‍රකාශ සිදු කරනු ලැබුවා.
කෙසේවෙතත්, එම සිදුවීමට පාදක වූ තරුණයා පසුව සිය පුද්ගලික ෆේස්බුක් ගිණුමේ සජීව වීඩියෝවක් පළ කළා.
එහිදී ඔහු පැවසුවේ තමන් සියදිවි හානිකර ගැනීමට තරම් ළාමක මානසිකත්වයක් ඇති පුද්ගලයෙකු නොවන බවයි.
එමෙන්ම අදාළ නාලිකාවට තමන් දෝෂාරෝපණය නොකළ බවත් ඔහු සඳහන් කළා.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ පිළිබඳව කිසිවෙකුගේ මැදිහත්වීමක් අපේක්ෂා නොකරන බවයි.