රටේ පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් මැතිසබයේ යම් උණුසුම් තත්ත්වයක්  හටගත්තා.

ඊයේ දිනයේදී රටේ පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත  බණ්ඩාර තෙන්නකොන්  මහතා පවසා සිටියේ සිදුව ඇති ආපදා හානි තත්ත්වයන් පිළිබඳ මේ වනවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තක්සේරු කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි.

අද දිනයේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවර​යා විශේෂයෙන් අවධාරණය කර සිටියේ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුවක් ලෙස ලබාදිය හැකි ප්‍රතිපාදන සම්බන්ධයෙනි

“රට බංකොලොත් කරන්න බැහැ.. රජයකට කරන්න පුලුවන් සීමාවක් තියනවා.. ඒක තේරුම් ගන්න ඕන.. අපි පාලම් හදන්න ඕන..බෝක්කු හදන්න ඕන… අපේ ආර්ථික තත්ත්වය ගැන අවබෝධයක් ගන්න ඕන… ඒ නිසා රට බංකොලොත් වෙන්න දෙන්න බැහැ.. ආපදා තත්ත්වය තක්සේරු කරලා රජය හැටියට අපි දෙන්න පුලුවන් සහන ලබාදෙනවා..”

එහිදී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ කතාවට බාධා කරමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ‘වන්දි ලබාදෙන්නේ නැද්ද’ යනුවෙන් එහිදී ප්‍රශ්න කළා.

ඊට කෝ​ප වු ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වූවා

“මොකක්ද ඉල්ලන වන්දිය… වන්දි දෙනවා.. මන්ත්‍රීතුමා තර්ජනය කරලා අහන්න එපා.. නිකන් මේ චණ්ඩි පාට් දාන් එන්නෙපා.. කතා නායකතුමා රජයට දෙන්න පුලුවන් වන්දිය දෙනවා.. මේක රටේ තත්ත්වය තක්සේරුව බළලා ගත්තු ප්‍රතිපත්මය තීන්දුවක්.. ඒ නිසා චණ්ඩි පාට් දාගෙන එන්න එපා.. චණ්ඩින්ට බය නැහැ.. මේ ගන්න තීන්දුවලට සහ රටේ ආර්ථිකයට වගකියන්න ඕන අපි.. චණ්ඩි පාට් දැම්මම ඉල්ලන ඉල්ලන දේවල් දෙන්න අපි ලෑස්ති නැහැ.. අපි රජයක් විදියට මේක හරියට කරන්න ඕන… ඒවා රජය කරනවා..”