දේශපාලන පක්ෂ මැයි දින රැළි සහ පෙළපාළි වෙනුවෙන් රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදලක් මෙවර වැය කර ඇතැයි වාර්තා වේ.

උද්ධමනකාරී තත්වය හේතුවෙන් මැයි රැළි සංවිධාන කිරීමට ඉතිහාසයේ වැඩිම මුදල වැය කිරීමට මෙවර සිදුවූ බව දේශපාලන පක්ෂ නායකයෝ පවසා ඇත.

දේශපාලන පක්ෂ මැයි රැළිවලට ජනතාව රැගෙන ඒම සඳහා ප්‍රවාහන වියදම් වලට වැඩිම වියදමක් දැරීමට සිදුව ඇති බ​ව වාර්තා වේ.

එමෙන්ම වේදිකා සකස් කිරීම, ශබ්ද විකාශන යන්ත්‍ර ලබා ගැනීම සහ ආලෝක කරන කටයුතු, රැස්වීම් අවට ප්‍රදේශ සැරසිලි කිරීම, පාක්ෂිකයන්ට ආහාර පාන ලබාදීම යනාදී කටයුතු වලට අනෙක් මුදල් වැයවී ඇති බව සදහන් වේ.