අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ තිළිණි ප්‍රියමාලිට එරෙහිව පවරා තිබූ නඩුවකින් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිදොස් කොට නිදහස් කර ඇති බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් රුපියල් ලක්ෂ 141ක මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් වඩුවාවලගේ තිළිණි ප්‍රියමාලි යන අයට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩුව පනවා තිබූ අතර අද දින එම නඩු විභාගයෙන් අනතුරුව සාක්ෂි ප්‍රමාණවත් නොවන හෙයින් මෙම නඩුවෙන් වඩුවාවලගේ තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස් කර ඇති බවයි සඳහන් වෙන්නේ.