ඊයේ දිනයේදි (05) දින ෆේස්බුක් , මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් සමාජ මාධ්‍ය හදිසියේ අක්‍රිය වීමෙන්, එම සමාජ මාධ්‍ය හිමිකාරීත්වය දරණ මාර්ක් සකර්බර්ග්ගේ (Mark Zuckerberg) ‘මෙටා’ සමාගමට ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක ආදායමක් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් යන සමාජ මාධ්‍ය තුනම මේ අයුරින් එකවර අක්‍රිය වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි.
ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් සමාජ මාධ්‍ය බිඳ වැටීමෙන් පසු ‘මෙටා’ සමාගමේ කොටස් මිල ද සියයට 1.5 කින් පහත වැටී ඇතැයි ද පැවැසෙයි.