ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

එ​ය 2024 මාර්තු මාසයේ දී වාර්තා වූ​යේ 2.5% ක් ලෙස වන අතර, 2024 අප්‍රේල් මාසයේ දී 2.7% ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව දක්වා ඇත.

නමු​ත් ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2024 මාර්තු මාසයේ දී 5.0% ක්ව පැවති අතර එය 2024 අප්‍රේල් මාසයේ දී 3.3% ක් දක්වා පහළ ගොස් ඇත.