ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය නොවැම්බර් මාසයේදී කිලෝග්‍රෑම් මිලියන 22.3 දක්වා 5.45% කින් ඉහළ ගොස් ඇති නමුත්, තේ අපනයන 6.46%කින් එනම් කිලෝග්‍රෑම් මිලියන 20 දක්වා පහත වැටී ඇති බව වාර්තා පෙන්වා දෙයි.
2024 නොවැම්බර් මාසය දක්වා මාස 11 තුළ කිලෝග්‍රෑම් මිලියන 223.23ක් අපනයනය කර ඇති අතර, එය වසරකට පෙර මෙම කාලයට සාපේක්ෂව 0.9%කින් අඩු වී ඇත.
එමෙන්ම නොවැම්බර් දක්වා මාස 11 තුළ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 240ක් වූ අත එය වසරකට පෙර මෙම කාලයට සාපේක්ෂව 3.7%කින් ඉහළ යෑමකි.
නොවැම්බර් මාසයේදී අඩු වගා තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 12.87ක් වූ අතර, එය පසුගිය වසරේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 11.7 ක් වේ.
තවද, මධ්‍යම වගා තේ නිෂ්පාදනය මිලියන 4.29ක් වූ අතර, පසුගිය වසරේ නිෂ්පාදනය මිලියන 3.44ක් වේ.
ඉහළ වගා තේ නිෂ්පාදනය මිලියන 5.12ක් වූ අතර, එය පසුගිය වසරේ මිලියන 4.63 කි.
කෙසේ නමුත් ග්‍රීන් ටී නිෂ්පාදනය මිලියන 203,616 සිට මිලියන 193,155ක් දක්වා එය පහත වැටී ඇත.
එම වාර්තා වල පරිදි CTC තේ නිෂ්පාදනය මිලියන 2.08ක් වූ අතර, එය මිලියන 1.7 දක්වා පහත වැටී ඇති බවටයි.
මේ අතර, නොවැම්බර් මාසයේදී තොග තේ මිලියන 8.29කින් පහත වැටුණු අතර, එය පසුගිය වසරේ මිලියන 8.9ක් අපනයනය කර තිබේ.
පැකට් කළ තේ මිලියන 8.74 සිට මිලියන 9.14 දක්වා ඉහළ ගොස් තිබේ.
තවද, ක්ෂණික තේ 297,460 සිට 146,223 දක්වා ද ග්‍රීන් ටී 444,548 සිට 347,835 දක්වා ද ඉහළ ගොස් ඇති බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.