රුසියාවේ මොස්කව් අගනුවර ප්‍රසංග ශාලාවකට වෙඩික්කරුවන් පිරිසක් කඩා වැදී එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 154 දක්වා ඉහළ ගොස් ඇති අතර එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාවද සියයකට අධික වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි සිද්ධියෙන් තුවාල ලැබු 110 කට ආසන්න පිරිසක් මේ වන විට රෝහල්ගත කර ඇති බවයි. ඒ අත කුඩා දරුවන් 3 දෙනෙකුගෙ තත්ත්වය අතිශය බරපතල වන අතර වැඩිහිටිය​න් අතර පුද්ගලයන් 50 ක පමණ අතිශය බරපතල තත්ත්වය පසුවන බවයි.

තවද එම ප්‍රහාරයෙන් තුවාල ලැබු හො මියගිය පිරිස අතර ශ්‍රි ලාංකික පුද්ගලයන් කිසිවෙකු නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 11 දෙනෙකු රුසියානු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 4 දෙනෙකු ඍජුවම ප්‍රහාරයට සම්බන්ධ තුවක්කුකරුවන් වේ. තව​ද ඔවුන් සිව් දෙනාම විදෙස් පුද්ගලයන් බවද රුසියානු ආරක්ශක අංශ ප්‍රකාශ කරයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් ලෝකයේ බොහෝ රටවල් මෙ වන විට සිය කණස්සල්ල පලකරමින් එය හෙලාදකින බව නිවේදනය කර ඇත.

එක්සත් ජාතින්ගෙ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මොස්කව් ප්‍රහාරය හෙලාදකිමින් “මොස්කව්හි සිදු වූ ප්‍රහාරය අතිශයින්ම නොඉවසිය හැකි බව අපි සලකමු. ISISහට ලෝකයේ වෙනත් ඕනෑම තැනකට පහර දීමේ හැකියාවක් නොමැති බව සහතික කර ගැනීම සඳහා එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස අපි සියලු රටවල් දිරිමත් කරමු.” යනුවෙන් ප්‍රකාශ කර ඇත.