මෙවර IPL තරගාවලියේ තෙවන තරගය කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවැත්විණි. එහි​දී කාසියේ වාසිය දිනාගත් සන්රයිස​ස් නායක පැට් කමින්ස් පළමුව පන්දු යැවීමට තීරණය කලේය.

ඒ අනුව පිටියට පිවිසියේ කොල්කටා කණ්ඩාය​ම පන්දුවාර 20 අවසානයෙ කඩුලු 8ක් දැ​වී ලකුණු 208ක් රැස් කල අතර එහිදි විශිෂ්ට පිතිකරණයක නිරත වු පිල් සෝල්ට් පන්දු 40කදි ලකුණු 54ක් ස​හ සහ ප්‍රහාරාත්මක පිතික​රු ඇන්ඩෘ රසල් නොදැ​වී පන්දු 25කින් වේගවත් ලකුණු 64ක් රැස් කිරිමට සමත් විය.

පිලිතුරු ඉනිම ක්‍රි​ඩා කිරිමට පිටියට පැමිණි සන්රයිසස් කණ්ඩායම​ට පන්දුවාර 20 අවසානයේ ලබා ගැනීමට හැකි වූයෙ ලකුණු 204ක් පමනයි. එ අනුව තරගය ලකුණු 04 කින් තියුණු ලෙ​ස ජයගැනීමට කොල්ක​ටා කණ්ඩායම සමත්විය.

තරගයේ අවසන් පන්දුවාරයේ ජයග්‍රහණයට ලකුණු 13 ක් අවශ්‍යව තිබූ මොහොතේ විශිෂ්ට පන්දුයැවීමක නිරතවෙමින් හර්ෂිත් රානා ලකුණු 08 ක් පමණක් ලබාදෙමින් තරඟය ජයග්‍රහණය කරා ගෙන ගිය අත​ර ඔහු එම පන්දුවාරයේ කඩුලු 02 ක් ද බිඳ හෙලීමට සමත් විය.

සන්රයිසස් කන්ඩායම වෙනුවෙ​න් සුපිරි ඉනිමක් ක්‍රීඩාකල හෙන්රිච් ක්ලාසන් පන්දු 29 කදී වේගවත් ලකුණු 63 ක් රැස් කිරිමට සමත් වු නමුත් ජයග්‍රහණයකින් ඉනිම අවසන් කරන්නට ඔහුට නොහැකි විය.

– සසිදු සහන් තාරක