අද (17) අලුයම හයිලෙවල් මාර්ගයේ ගොඩගම මංසන්ධිය ආසන්න  ප්‍රදේශයක දී මෝටර් රථයක් ජල නලයේ වැදී අනතුරට ලක් වීම හේතුවෙන් ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශ වල ලක්ෂයකට අධික නිවාස ඒකක සඳහා  ජල සැපයුම අත්හිටුවා තිබෙනවා

අදාළ අනතුර සිදුවු ස්ථානයේ ජල නලයෙන් විශාල ජල කඳක් ඉහළට විසිවී පැවතුන අත​ර ජලයේ වේගය හේතුවෙන් එම ස්ථානය අසල ඇති විදුලි කණුවක් ද මාර්ගයට කඩා වැටී ඇති බව ද සඳහන් වේ.

අනතුරට පත් මෝටර් රථයේ ගමන් කරමින් සිටි සිව් දෙනා සුළු තුවාල ලබා හෝමාගම මුලික රෝහලට ඇතුළු කර තිබෙනවා

කෙසේ නමුත්  අද (17) පස්වරුව වනවිට සම්පූර්ණයෙන් යථාතත්ත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බව ලබුගම, කලටුවාව ජලාශයේ මෙහෙයුම් කළමනාකරු පියල් රාජපක්ෂ මහතා පවසයි.

මේ වනවිට​ත් එම ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබේ.