ඊයේ (17) අලුයම 2ට පමණ හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී   මෝටර් රථයක් ගැටීමෙන්  කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන නළය පුපුරා ගොස් තිබුණා

කෙසේ නමුත් ඊයේ දිනයේදී පුපුරා ගිය නළයේ අලුත් වැඩියා කටයුතු ආරම්භ කල අතර අද (18) අලුයම 2 පමණ සිට යළි ජල සැපයුම යථාතත්ත්වයට පත්කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව දුර ප්‍රදේශවලට ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථාතත්ත්වයට පත්වෙනු ඇතැයි ද එම මණ්ඩලය  පැවසීය.