තෙවන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත්  නරේන්ද්‍ර මෝදි, අද (13) ඉතාලිය බලා පිටත්ව යනවා

ඔහුගේ තුන්වැනි ධුර කාලයේ පළමු විදේශ සංචාරය මෙය වන අතර මෙහිදි අග්‍රාමාත්‍යවරයා G7 සමුළුවට සහභාගී වීමට නියමිතයි

G7 සමුළුව ජූනි 13 සහ 14 යන දෙදින තුළ ඉතාලියේ අපුලියා කලාපයේ පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

ඇමරිකා​ව, බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, ඉතාලිය, ජපානය ප්‍රංශය සහ යුරෝපා සංගමය යන සාමාජිකයින්ගේ සහභාගීත්වය දරණ G7 සමුළුවට ඉන්දියාවට බාහිර රටක් ලෙස ආරාධනා කොට තිබෙනවා.

මේ අතර G7 සමුළුවට සමගාමීව ​ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හමුවක් සිදුවිමට නියමිත බවට ධවල මන්දිරය ඉඟි පල කර ඇති බව විදෙස් ​මාධ්‍ය වා​ර්තා කළත් එ​ම හමුව පිළිබදව ඉන්දියාව මෙතෙක් තහවුරු කර නොමැති බව සදහන්