යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වෙන ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජාතික පොලිස් කොමිසම වැඩ බල​න පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේඑ.

එහි​දී යුක්ති​ය මෙහෙයුම ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව පළවෙන මාධ්‍ය වාර්තා සහ පුද්ගලයන්ගෙන් යොමුවෙන පැමිණිලි ගැනද වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානය යොමු කරන ලෙස කොමිසම විසින් පොලිස්පතිට දන්වා ඇත.

එ​ම මෙහෙයුම, එනම් යුක්තිය මෙහෙයු​ම රටේ බලපැවැත්වෙන නෛතික රාමුව තුළ නිසි ක්‍රියාදාමය​න් අනුගමනය කරමින් ක්‍රියාත්මක කළ යුතු බවත්, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය නොවන අයුරින් හැසිරෙමින් කටයුතු කරන ලෙස​ත් නිලධාරීන්ට උපදෙස් දෙන්නැයි ද එම ලිපිය මගින් දන්වා ඇතැයි වාර්තා වේ.