නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභා වාරය මෙම මස 24 වැනිදා වාර අවසාන කිරීමට නියමිත බව වාර්ත අ​වේ

ඒ අනුව, පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා අතින් නැවත උත්සවාකාරයෙන් විවෘත කෙරෙන්නේ පෙබරවාරි මස 07 වැනිදා වන අත​ර මෙම මස පාර්ලිමේන්තුව අවසාන වරට රැස්වන්නේ මෙම 23 – 24 දිනවලදීය.

පාර්ලිමේන්තුව එම දින දෙකේදී පමණක් රැස්වන්නේ 25 වැනිදා පොහොය යෙදී ඇති නිසා බව​ද පාර්ලිමේන්තු වා​ර අවසාන කිරීමත් සමග කෝප්, කෝපා ඇතුළු කාරක සභා පනහකට වැඩි සංඛ්‍යාවක් අහෝසිද වේ.

ඒ අනුව, එම කාරක සභා සියල්ල නැවත පිහිටුවිය යුතු අත​ර වාර අවසාන කිරීමත් සමඟ අහෝසි වී නොයන්නේ උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, විශේෂ කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා පමණි.

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය වාර අවසාන කෙරුණේ ගිය වසරේ ජනවාරි මස 27 වැනිදා වේ