පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැත්වෙන ස්වීඩනයේ ස්ටොක්හෝම් “ඩයමන්ඩ් ලීග්” තරගාවලියේ මීටර් 100 අවසන් තරගයේදී යුපුන් අබේකෝන් බලාපොරොත්තු නොවූ ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වේ .

ඔහු ඊයේ (02) පැවති දෙවැනි කාණ්ඩයේ තරගයේදී තත්පර 10.22ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්ව ජය ගැනීමට සමත් වීමත් සමග  ස්වීඩනයේ ස්ටොක්හෝම් ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 100  ප්‍රධාන ඉසව්ව සඳහා සුදුසුකම් ලබාගැනීමට හැකිවිය.

එම ඉසව්වවට සහභාගී වු යුපුන් තරගය අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු​ට හිමිවුණේ 8වැනි ස්ථානයයි.