08වැනි ආසියා ශාන්තිකර කලාපීය ක්‍රීඩාවේ තහනම් උත්තේජක නිවාරණය පිළිබඳ අන්තර් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සාකච්ඡාව එළඹෙන 12 සහ 13 යන දිනයන්හිදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබෙන බව. ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණය පිළිබඳ සංගමයේ සභාපති මහාචාර්ය අර්ජුණ ද සිල්වා මහතා පැවසීය.
චීනය, පාකිස්තානය ඇතුළු රටවල් 9ක ක්‍රීඩා අමාත්‍යවරුන් මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිතය. එමෙන්ම මේ සඳහා සහභාගිවීමට ලෝක තහනම් උත්තේජක නිවාරණය පිළිබඳ සංගමයේ සභාපතිවරයා සහ උප සභාපතිවරයාද මෙරටට පැමිණේ