Urvashi Rautela සිය 30 වැනි උපන්දිනය පසුගිය පෙබරවාරි 25 දා රන් කේක් එකකින් සමරනු ලැබීය. ඒ කැරට් 24කින් සමන්විත රන් කේක් එකකිනි.

ඒ සම්බන්ධයෙන් මේ වන විට ලෝකයේම අවධානයට යොමු වී ඇත.

මෙම කේක් එක ඇයට ලබා දී ඇත්තේ ජනප්‍රිය ගායකයෙකු සහ සංගීතවේදියෙකු වන Yo Yo Honey Singh විසින් බව විදෙස් මාධ්‍යය සදහන් කරයි.

එම උපන්දින කේක් එක තට්ටු තුනකින් සමන්විත වන අතර කැරට් 24කින් සමන්විත රන් කේක් එකක් ද වන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, එම කේක් එකෙහි මිල කෝටි 03ක් පමණ වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියි