කළු ගඟේ ජල මට්ටම වේගයෙන් ඉහළයෑම හේතුවෙන් රත්නපුරයේ ගංවතුර තත්ත්වයක් ඇතිවී ඇත.

කළු ගගේ ජල මට්ටම පුළුඟුපිටිය ජල මාපක 07 සීමාව කරා ළඟාවෙමින් ඇති බව වාර්තා වන අතර මේ හේතුවෙන් රත්නපුර අළුපොත ප්‍රධාන බස් මාර්ගය ඇත් ඔය ප්‍රදේශයෙන් යළි යටවී ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.

ප්‍රධාන මාර්ගවලට ප්‍රවේශ වන අතුරු මාර්ග රැසක් ද ජලයෙන් යටවී ඇති අතර නිවාස ද අවදානමට ලක්වී ඇතැයි වාර්තා වෙයි.

ජල මට්ටම මාපකයේ 07 සීමාවට ළඟා වුවහොත් විශා​ල ගංවතුර තත්ත්වයක් ඇති වේ යැ​යි ජනතාව බිය පළ කර සිටී.