මීට වසර 11කට පෙර පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල සිදු විය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව චෝදනා එල්ලවිය.

ඒ අනුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව අද (30) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.