ඊයේ (7) රාත්‍රීයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතර හමුවක් කොළඹ ජනාධිපති නිවසේදී සිදු වූ බව වාර්තා වේ.

බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ සිට මෙරටට පැමිණීමෙන් අනතුරුව ජනාධිපතිවරයා හමු වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර එම හමුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද සහභාගී වී ඇති බව​යි සඳහන් වෙන්නේ.

මෙහිදී අනාගත දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවී ඇති අතර තවත් ඉදිරි සාකච්ඡාවක් සඳහා ද දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ.