රාගම රෝහල අවට පොලිස් ආරක්ෂාව තර කර ඇති බව රාගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පවසයි.

එයට හේතු​ව රිය අනතුරකින් මිය ගිය සනත් නිශාන්ත මහතාගේ දේහය තවමත් රාගම රෝහලේ පවතින බැවින් සහ මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් එම රෝහලට පැමිණෙන නිසා බවයි ඔහු පවසන්නේ.

අද අලුයම දී කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරෙන් පසු ජීවිතක්ෂයට පත් රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ ඔහුගේ රියදුරු ඇතුලත් කෙරුණේ රාගම රෝහල වෙතයි.