සියලු ම රාජ්‍ය සේවකයන් අද (15) සිට සේවයට පැමිණීම සහ පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම අනිවාර්ය කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසා ඇත.

මීට අදාළ වන චක්‍රලේඛය නිකුත් කර ඇත.

ඒ අනුව, 2021.10.01 දිනැති 02/2021 (ම) හි 07 ඡේදයේ විධිවිධාන මැයි 12 දා   සිට ක්‍රියාත්මක කෙරෙන බව ද  අදාළ චක්‍රලේඛයෙහි සඳහන් වෙයි.

එම චක්‍රලේඛයේ විධිවිධානයන්ට අනුකූලව කටයුතු කිරීමට සියලුම ආයතන ප්‍රධානීන් විසින් වගබලා ගත යුතු බව ද එහි දක්වා තිබේ.

අමාත්‍යාංශ ලේකම්වරුන්, ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, පළාත් ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත එම චක්‍රලේඛය යොමු කර ඇත.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ පසුගිය වසරේ ජනවාරි 3 වනදා සිට එය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබුණා.

අදාළ චක්‍රලේඛය පහතින්,