කොමිෂන් සභා, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතනවල මෙන්ම පළාත් සභාවල කාර්ය මණ්ඩල නැවත සමාලෝචනය කර අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සිදු කිරීමටත්, සේවා අවශ්‍යතා අනුව කාර්ය මණ්ඩල නැවත ස්ථාන ගත කොට උපරිම සේවාවක් ලබා ගැනීමටත් අවශ්‍ය පියවර ගැනීමට ඉදිරිපත් කළ යෝජනා වලට කැබ්නට් අනුමැතිය ලැබී තිබෙනවා.

එමෙන්ම ඒ සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතීත්වයෙන් යුත් නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස ද ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් සිය අනුමැතිය ලැබිණි.