ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් 130 දෙනෙකු පමණ මෑත කාලය තුළ සේවය හැර ගොස් ඇති බවත්, ඒඑස් පවර් විදුලි බලාගාරය මිලදී ගැනීමට යෝජනා වී තිබුණු අවස්ථාවක එසේ නොකර එමඟින් හදිසි මිලදී ගැනීම් සිදුකිරීමෙන් රුපියල් බිලියන ගණනක පාඩුවක් විදුලිබල මණ්ඩලයට සිදුව ඇති බව​ත් අනාවරණය වී තිබේ.

මේ තොරතු​රු පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අනාවරණය වී ඇති බව සඳහන්ය.

එහිදී මධුර විතානගේ මන්ත්‍රීවරයා කළ විමසීමේදී ප්‍රතිචාර දැක්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාම්‍යාධිකාරී පාලිත පෙරේරා මහතා පැවසුවේ, මුළු ඉංජිනේවරු 330 දෙනෙකුගේ පුරප්පාඩු පවතින බවය.