ලිට්‍රෝ සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී එය ලබා දිය යුතු හොඳම සහ සුදුසුම ආයතනය තමා බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි. එය ලබා ගැනීම පිණිස තම සමාගම නීතිමය පියවර ගැනීමට වුවද පසුබට නොවෙන බවයි ඊයේ (01) මාධ්‍ය හමුවකට එක් වූ ලාෆ්ස් ගෑස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී නිරෝෂන් ජේ. පීරිස් පැවසූවේ.

ලිට්‍රෝ සමාගම ලබා ගැනීම වෙනුවෙන් ආයතන 14ක් අභිලාශ ඉදිරිපත් කර ඇතත් ශ්‍රී ලාංකික ආයතනයක් ලෙස ලාෆ්ස් සමාගමට ද සමාන අයිතියක් ලැබිය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

විවෘත ටෙන්ඩරයක් කැඳවා තිබූ අතර වෙනත් ශ්‍රී ලාංකික සමාගම් දෙකක් තිබුණද ගෑස් සැපැයුම පිළිබඳ පළපුරුද්දක් ඇති එකම සමාගම තම ලාෆ්ස් සමාගම බවයි ප්‍රධාන විධායක නිලධාරියා පවසා සිටියේ.