පසුගිය කාලයේ ඉහළ ගොස් තිබූ ලොකු ලූනු මිළ පහත බැස තිබෙනවා .
ඒ අනුව වෙළඳපොළේ ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 50කින් පහත වැටී ඇති බව සදහන් .
මේ හේතුවෙන් ලූනු ආනයනකරුවන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වනවා.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ ඉන්දියාව විසින් ලොකු ලූනු සඳහා පනවා තිබූ අපනයන සීමාව ඉවත් කිරීම හේතුවෙන් වෙළඳපොළට සීමා ඉක්මවා ලොකු ලූනු තොග පැමිණ ඇති බවයි.