2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම ආරම්භ වන දිනයන් සම්බන්ධයෙන් අයි.සී.සී.ය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට අපේක්ෂාවෙන් පසුවන ප්‍රේක්ෂකයන්ට අගෝස්තු 15වැනිදා සිට https://www.cricketworldcup.com/register යන වෙබ් ලිපිනයට පිවිස ටිකට් මිලදී ගැනීම සඳහා ලියාපදිංචි විය හැක. එය ඔවුන්ට ප්‍රවේශපත්‍ර පිළිබද පුවත් පළමුව දැන ගැනීමට හා ඔවුන්ට ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීම තහවුරු කර ගැනීමට උපකාරී වනු ඇත.

අනතුරුව අගෝස්තු 25වැනිදා සිට ටිකට්පත් අලෙවිය සිදුවන අතර, එදින සිට අලෙවි වන්නේ ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා නොකරන පුහුණු තරග හා ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා නොකරන ලෝක කුසලාන තරගාවලියේ තරගවල ප්‍රවේශ පත්‍රයි. ඉන්දියාව ක්‍රීඩා කරන පුහුණු තරග දෙකේ ප්‍රවේශ පත්‍ර අලෙවිය අගෝස්තු 30වැනිදා ආරම්භ වේ. පසුව අගෝස්තු 31වැනිදා සිට අදියර කිහිපයක් යටතේ ඉන්දියාව ක්‍රීඩා කරන ලෝක කුසලාන තරගවල ප්‍රවේශ පත්‍ර අලෙවිය සිදුකිරීමට නියමිතය.

ප්‍රවේශ පත්‍ර අලෙවිය සිදු වන ආකාරය :

අගෝස්තු 25 – ඉන්දියාව ක්‍රීඩා නොකරන පුහුණු තරග හා ඉන්දියාව ක්‍රීඩා නොකරන ලෝක කුසලාන තරග
අගෝස්තු 30 – ඉන්දියාව ක්‍රීඩා කරන පුහුණු තරග
අගෝස්තු 31 – චෙන්නායි, දිල්ලි හා පූනේ හී දී පැවැත්වෙන ඉන්දීය තරග
සැප්තැම්බර් 1 – ධරම්සාලා, ලක්නව් හා මුම්බායි හි පැවැත්වෙන ඉන්දීය තරග
සැප්තැම්බර් 2 – බැංගලූරුහී දී හා කොල්කටා හී දී පැවැත්වෙන ඉන්දීය තරග
සැප්තැම්බර් 3 – අහ්මදාබාද් හී දී පැවැත්වෙන ඉන්දීය තරග
සැප්තැම්බර් 15 – අවසන් පූර්ව තරග හා අවසන් තරගය

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 05වැනිදා සිට නොවැම්බර් 19වැනිදා දක්වා ඉන්දියාවේදී පැවැත්වේ.