මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ ටෙස්ට් එක්දින හා විස්සයි විස්ස තරඟ රටා තුනේම නායකත්වය දැරූ ජේෂ්ඨ ක්‍රීඩකයෙක් සීමිත පන්දුවාර තරඟ වලින් සමුගැනීමට සැරසෙන බව Daily mirror ඇතුලු වෙබ් අඩවි කිහිපයක වාර්තා කර තිබිණ.

එම ක්‍රීඩකයා ලෝක කුසලානය අවසානයේ ඔහු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙත සංක්‍රමණය වීමට සූදානමින් පසුවන බවත් ඔහු මේ වනවිට මෙල්බර්න්හි නිවාස කිහිපයක් මිලදී ගෙන ඇති අතර ඔහු සිය පවුල සමඟ එහි පදිංචි වීමට නියමිත බවද Daily Mirror වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර තිබුණි.

මෙම පුවත පලවීමත් සමඟින් ඇන්ජලෝ මැතිව්ස් මෙවර ලෝක කුසලානයෙන් අනතුරුව සමුගැනීමට නියමිත බවට කතාබහක් නිර්මාණය වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් සමාජ මාධ්‍යය තුළ මේ පිළිබඳව විවිධ මත පළකර තිබුනද මෙම කතාව සම්පූර්ණ අසත්‍යක් බව ඇන්ජලෝ මැතිව්ස් තහවුරු කරයි.

ඒ ප්‍රේක්ශකයින් කිහිපදෙනෙක් සහ ක්‍රීඩා මාධ්‍යවේදීන් ඇන්ජලෝ මැතිව්ස්ගෙන් මේ පිළිබඳව ඉන්ස්ටග්‍රෑම් සහ වට්සැප් ඔස්සේ ඇසූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදෙමින්. මැතිව්ස් එහිදී මෙය සම්පූර්ණ අසත්‍යක් බව තහවුරු කර ඇත.