‘ලෝක නාට්‍ය දින’ සැමරුම් උත්සවය ඊයේ (27) දිනයේදී මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත්විණි.

ප්‍රවීණ නාට්‍යවේදී චාමික හත්ලහවත්ත මහතාගේ උපදේශකත්වයෙන්, ටවර් නාට්‍ය හා රංගකලා පාසලේ සිසු දරු දැරියන් විසින් නිර්මාණය කර, නිෂ්පාදනය කරනු ලැබූ, සිහින ලන්තෑරුම, Lilly’s Magic World, මායා පින්සල හා කිඩාරම් යන ළමා නාට්‍ය හතර මෙහිදී රඟ දැක්විය.

මෙම උත්සවයේ ප්‍රධාන දේශනය රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපති, කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලා අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති, චන්ද්‍රසිරි බෝගමුව මහතා විසින් පවත්වනු ලැබුවේය.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම්වරු වන කේ.ඒ.ඩී.ආර්. නිශාන්ති ජයසිංහ, තිලක් හෙට්ටිආරච්චි, එස්.ජී. පල්ලියගුරුගේ, ටවර් හෝල් රඟහල පදනම භාරකාර මණ්ඩල සමාජික ප්‍රවීණ නාට්‍යවේදී පාලිත ද සිල්වා යන මහත්ම මහත්මීහු, පාසල් ගුරුවරු සහ පාසල් දරු දැරියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.