විදෙස් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කරන ලදැ යි කියන සිද්ධියක් සම්බන්ධව පවරා ඇති නඩුවකට අදාළව ප්‍රසිද්ධ රංගන ශිල්පිනී දමිතා අබේරත්න විසින් ඉල්ලා අපේක්ෂිත ඇපය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ඒ අනුව දමිතා අබේරත්න සහ ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යන අය අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බොරලැස්ගමුවේ ඈ පදිංචි නිවසට ගියද ඔවුන් එහි නොසිටි බවයි වාර්තා වන්නේ.

කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කරන ලද බව කියන මෙකී නඩුකරයට අදාළව තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් අපේක්ෂිත ඇප ඉල්ලීමක් කර තිබුණද අධිකරණය ප්‍රකාශ කළේ විමර්ශන කටයුතු සඳහා සහාය නොදී මගහැර සිටීම සහ විගාමික පණතේ 45 (ඇ) වගන්තිය යටතේ කරුණු වාර්තා කර තිබීමත් නිසා ඇප ලබා දීමට නොහැකි බවයි.